මුල් පිටුව

Uncategorized

අන්තර්ජාලීය බේරුවල ප්‍රාදේශිය සභා සේවාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඉතා ඉක්මණින් හා පහසුවෙන් ප්‍රාදේශිය සභාවෙන් ඉටුවෙන කටයුතු ඔබට ඉටු කර ගැනීමට මෙම සේවය ඔස්සේ හැකියාව ඇත. ඵලදායි ලෙස කඩිනමින් හා පහසුවෙන් මෙම සේවය ඔස්සේ වරිපනම් ගෙවීම්, ක්‍රීඩා පිටි, ආදාහනාගාර ආදිය මුදල් ගෙවා වෙන් කර‍වා ගැනීමට ද අන්තර්ජාලය හරහා ඉල්ලුම්පත්‍ර ඩවුන්ලෝඩ් කර ගැනීමට ද හැකියාව ඇත. එමෙන්ම ප්‍රාදේශිය සභාවේ තොරතුරු මෙන්ම සියලු සේවාවන් පිළිබඳ විස්තර ක්ෂණිකව බලා ගැනීමට හැකියාව ඇත. වීදි පහන්, ඝන අපද්‍රවය බැහැර කිරීම්, සෞඛය අංශය හා වෙනත් කරුණු සම්බන්ධ පැමිණිලී පහසුවෙන් ඉදිරිපත් කිරීමට ද හැකියාව ඇත. ඒ අතර යෝජනා ඉදිරිපත් කිරීමට ද හැකියාව ඇත. මීට අමතරව ප්‍රාදේශිය සභාවකින් සිදුවන අනෙකුත් කටයුතු සඳහා අන්තර්ජාල සේවාවන් හඳුන්වා දී ඇත.

ලොව ඕනෑම තැනක සිට මෙ‍ම සේවාව ලබා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකියාව ඇත. මෙහි දී ඕනෑම බැංකු කාඩ් පතකින් ගෙවීම් සිදුකළ හැකි අතර ඔබ ගෙවීම් සිදු කිරි‍මේ දී ඒ සඳහා ඔබව යොමු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ගෙවීම් දොරටුව හරහා වන බැවින් එය වඩාත් විශ්වාසදායි ලෙස සිදු කර හැක. මෙම පද්ධතිය හරහා ප්‍රාදේශිය සභාවෙන් සිදුවන සමස්ත ක්‍රියාවලියෙන් 90% පමණ ප්‍රාදේශිය සභාවට නොපැමිණ ඉතා කඩිනමින් හා කාර්යකෂමව සිදුකර ගත හැක. අප සෑම විටම ඔබට උසස් සේවාවන් ලබා දීමට අපේක‍ෂා කරමු. ස්තුතියි!.

1 thought on “මුල් පිටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *