අපද්‍රව්‍ය කළමනාකරණය

බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම සඳහා ඒ තුළ රැස්වන ඝන අපද්‍රව්‍ය  බැහැරකරලීම අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රධාන කාර්යයයි. නිවෙස් වලින් එකතු කරන ලද කසල, වීදුරු, ප්ලාස්ටික්, යකඩ ආදී වශයෙන් වෙන්කර බැහැරකරලීමේ කටයුතු සිදු කරයි. ඒ මඟින් ඩෙංගු වැනි මාරාන්තික රෝග පැතිරයෑම අවම කිරීම හා වළක්වාලීම සිදු වේ.

අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා බේරුවල ප්‍රාදේශීය සභාව මඟින් කොම්පෝස්ට් අංගනය පවත්වාගෙන යනු ලබයි.

නිල්ල නමින් කාබනික ‍පොහොර නිෂ්පාදනය කර සහනදායී මිළට ජනතාවට ලබා දීම සිදු කරනු ලබයි.

කොම්පෝස්ට් ව්‍යාපෘති භාරකරු : ඩබ්.එල්.ශාන්ත කුමාර දුරකතන: 071-6009870