ලේකම්තුමාගේ පණිවිඩය

ගරු ලේකම් අශෝක රණසිංහ මහතා

බේරුවල ප්‍රාදේශීය සභාවේ ලේකම් ලෙස අපගේ වෙබ් අඩවියට පිවිසෙන ඔබ සාදරයෙන් පිලිගනිමි.

මෙම ප්‍රදේශයේ ජීවත් වන විවිධ ජනකොටස් සඳහා වන යටිතල පහසුකම් හා පොදු අවශ්‍යතා සපුරාලීමට හා මනා සංහිඳියාවකින් යුතුව කටයුතු කිරීමට පළාත් පාලන ආයතනය යටතේ උපරිම සේවාවක් ලබාදීමට කටයුතු සලසා ඇත.

මෙම වෙබ් අඩවිය තුලින් බේරුවල ප්‍රාදේශීය සභා සීමාවේ ජනගහනය අයත් වන භුමි ප්‍රමාණය ඇතුළු වෙනත් සංඛ්‍යා ලේඛන තොරතුරු,ඉදිරි සැලසුම් හා ක්‍රියාත්මක සැලසුම් පිළිබඳව කරුණු දැන ගැනීමට හැකියාව සලසා දී ඇත.

ඉදිරියේදී මෙම වෙබ් අඩවිය තවත් දියුණු කිරීමට කටයුතු කරන අතර, ලෝකයේ ඕනෑම තැනක සිට බේරුවල ප්‍රාදේශීය සභාව හා සම්බන්ධ වීමට ඔබට හැකි බව කාරුණිකව සඳහන් කරන අතර, ඔබට නිරන්තරයෙන් අපගේ සේවා ලබා දීම සඳහා සැදී පැහැදී සිටින බව කාරුණිකව සිහිපත් කරමි.