සභාපතිතුමාගේ පණිවිඩය

ගරු සභාපති බී.ඩබ්.එම්.මේනක විමලරත්න මහතා

ඉතා සීඝ්‍ර‍යෙන් දියුණුවන ලෝකයේ ජනතාවට කඩිනමින් සුහදශීලි සේවාවක් ලබා දීම සඳහා නව තොරතුරු තාක්ෂණ ක්‍රම භාවිතා කිරීම අත්‍යවශ්‍ය බව අප සැමගේ මතයයි.”සියල් සපිරි පුරවරයක්” යන අපගේ දැක්ම යථාර්තයක් බවට පත් කිරීම උදෙසා බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පළමු පුරවැසියා ලෙස විධිමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනගමින් සෞඛ්‍ය සේවා, මහජන උපයෝගිතා සේවා හා සුභසාදන සේවා සැපයීම, ඉඩම්, ගොඩනැගිලි හා මංමාවත් සංවර්ධන කටයුතු වැඩිදියුණු කරමින් මහජනතාවට කාර්යක්ෂම හා අනඟිභවනීය සේවාවක් සැපයීම උදෙසා කැපවීම මාගේ අරමුණයි.මෙම වෙබ් අඩවිය මඟින් අප ප්‍රදේශයේ ජනතාවට තම නිවසේ සිටම බේරුවල ප්‍රාදේශීය සභාව සමඟ සුහදව කටයුතු කිරීමට හැකියාව ලැබෙන බව මාගේ විශ්වාසයයි.එම නිසා තොරතුරු තාක්ෂණයේ නිසි ප්‍රතිලාභ බේරුවල ප්‍රාදේශීය සභා වෙබ් අඩවිය මඟින් අප ප්‍රදේශයේ ජනතාවට හිමි කරදීම මාගේ බලාපොරොත්තුවයි.